Royal Central College

About Royal Central College

රාජකීය තක්සලාව ලක් මවට දායාද කල ආදි කර්තෘ ගරු අමාත්‍ය සී.පී ද සිල්වා මැතිතුමා දිර්ඝකාලීන සැලසුම් ප්‍රකාරව 1959 අප්‍රේල් මස 10 වන දින අනාදිමත් ඉතිහාසයක් ඇති අභිමානවත් පුරවරයක කිර්තිධර විද්‍යස්ථානයක සමාරම්භය උදෙසා මංගල ශිලා ප්‍රතිස්ථාපනය ගරු අමාත්‍ය සී.පී ද සිල්වා මැතිතුමා අතින් මෙදින සිදු විය.එවකට අක්කර 52 ක බිම් ප්‍රමාණයක් පුරා විහිදී මෙම විද්‍යාලය දිවයිනේ වැඩිමබිම් ප්‍රමාණයක් ඇති එකම විද්‍යාලය ලෙස ද ප්‍රසිද්ධියක් දරයි.

පොළොන්නරුව පමණක් නොව,අවට සිසු දිස්ත්‍රික්කයින දරුවන්ටඅධ්‍යාපනය පවා අවස්ථා ලබා ගත හැකි වන පරිදි,සියලු අංගෝපාංග සහිතව සී.පී.ද සිල්වා මැතිදුන් ශිල්ප උගත් විදෙස් සරසවියක අකෘතියකට අනුව දිවයිනේ කිසිදු විද්‍යාලයක දක්නට නොමැත විධිමත් සැලසුමකට අනුගතව නිර්මාණය කළ මෙම විද්‍යාලය 1965 පෙබර්වරි 07 වන දින සිසු වග වෙත පවරා දෙනු ලැබ්ණි . තමා සේවය කළ ප්‍රදේශයේ දු දරුවන් වෙනුවෙන් මෙම විද්‍යාලයේ නිර්මාතෘ සී.පී ද සිල්වා මැතිතුමන් කළ කැපවීම සදා අමරණීය වනු ඇත.

ශිෂ්‍ය ශිෂ්‍යාවන් 57 දෙනෙකු ඇතුළත් කර ගැනීමේන් ඇරඹි මෙම විද්‍යාලයෙහි,1965 මාර්තු මාසය වන විට සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාව 305 ක් වු අතර,අරම්භක අචාර්ය මණ්ඩලය 23 දෙනෙකු විය. ප්‍රථම විදුහල්පතිවරයා වශයෙන් රාජකාරී භාර ගනු ලැබුවේ ඩී.බී. කරුණාතිලක මහත්මා යා.ප්‍රථම නියොජ්‍ය විදුහල්පතිවරයා වුයේ ගලහිටියාව මහත්මාය. විද්‍යාලයීය ලාංජනයේ නිර්මාතෘවරයා ද එතුමන් ය. විද්‍යලයීය ගීතයේ නිර්මාතෘවරයා වුයේ ද ප්‍රථම විදුහල්පති ඩී.බී. කරුණාතිලක මහත්මා යා.

Business information

Address
Royal Central College, Polonnaruwa, Sri Lanka, New Town, Polonnaruwa, LK
View on Google Maps

Location

Load the interactive Google Map when you need it.

Tags

Reviews

No reviews yet

Be the first visitor to write a review for this business.

Share

Call now